අමෙරිකාවට යුද්ධයක් අවශ්‍ය නෑ..ට්‍රම්ප්

ජූනි 22, 2019

    අමෙරිකාවට යුද්ධයක් අවශ්‍ය නැති බවත්, නමුත් එලෙස ගැටුම් තත්වයක් ඇති වන්නේ නම් එමගින් ඉරානය මුළුමනින්ම විනාශයට පත් වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

    එන් බී සී පුවත් සේවය සමග මාධ්‍ය සාකච්ජාවක එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ඉරානයට කිසිවිටෙකත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට ඉඩ නොදෙන බවයි. ඉරානය විසින් අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළීමේ සිද්ධිය පාදක කර ගනිමින්, දෙරට අතර යුද තත්වයක් ඇති වීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරයක දී පුද්ගලයින් 150ක් පමණ මිය යන බවට, අනුමාන කර තිබූ අතර ඒ හේතුවෙන් තමන් සිය අදහස වෙනස් කර ගත් බව, අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය. අමෙරිකානු ඔත්තු සේවා යානය වෙඩි තබා බිම හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබිණ.

    කෙසේ වෙතත්, ගැටුම් හට ගනී යැයි ප්‍රකාශ වීම හේතුවෙන් ප්‍රධාන ගුවන් සමාගම් රැසක් දෙරටේ ගුවන් සීමා හරහා සිදු කෙරෙන ගුවන් ගමන් අතිහිටුවා තිබේ. තවත් ගුවන් ගමන් රැසකට වෙනත් ගුවන් පථ භාවිතා කරන ලෙස ද දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 12:16

    Latest News