ඉරානයට ට්‍රම්ප්ගෙන් තවත් සම්බාධක

ජූනි 23, 2019

    ඉරාන - අමෙරිකා අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතියි. ඉරානය, අමෙරිකානු ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කිරීමත් සමගයි මේ තත්වය උද්ගතව ඇත්තේ.

    අමෙරිකාව,ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වුවත්, අවසානයේ ට්‍රම්ප් ජනාධිපතිවරාය විසින් එය අත්හිටුවනු ලැබීය. අනතුරුව, ඉරානයට දැඩි සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගැනිණ. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම පාලනය කිරීම මෙහි අරමුණ බවයි, අමෙරිකාව පවසන්නේ.

    ඊට අමතරව ඉරානයේ මිසයිල පද්ධති ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඉරානයේ රොකට් හා මිසයිල විදිනයක් අක්‍රීය කර දැමීමද එහි අරමුණයි.

    Latest News