අමෙරිකානු කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ, ඔහිඕ මිටියාවතේ සිට මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශය දක්වා හිමපතනය සිදුවනු ඇති බවයි.
සෙන්ටිමීටර 30ක් දක්වා හිම පතනයක් වාර්තා වනු ඇති බවට ද ඔවුන් අනාවැකි පළ කරයි. හිමපතනයෙන් අයහපත්ම බලපෑමක් එල්ල වීමට නියමිතව ඇත්තේ,බටහිර නිව්යෝර්ක් ප්රදේශයටයි. නිව්යෝර්ක් නගරය ආශ්‍රිතව අගල් එකේ සිට තුන දක්වා හිමපතනයක් වාර්තා වනු ඇති බවට ද අනාවැකි පළකර තිබේ.
ඉකුත් වසරවල ශීත සෘතුවලට සාාපෙක්ෂව මෙවර ශීත සෘතුව තුළ අධික හිම පතනයක් නිව්යෝර්ක් ප්‍රදේශයේ සිදු වනු ඇති බවටයි, කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.