අග්‍රාමාත්‍ය ලී සියෑන්ග් ලූන්ග් අද මේ බව කියා සිටියේ, සිංගප්පූරුවේ පැවති 33 වැනි ආසියානු සමුළුවේ සමාප්ති සැසිවාරය අමතමින්. සාමාජික රටවල් 10කින් සමන්විත ආසියානු සමුළුවේ 33 වැනි සැසිවාරය අද අවසන් කෙරුණා. අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්, චීන අග්‍රාමාත්‍ය ලී ක-ච්‍යාං ඇතුළු ඉහළ පෙළේ නායකයින් ඉදිරියේ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,
ආසියාන් සමුළුව මගින් විශිෂ්ට අරමුණු රැසක් සාක්ෂාත් කරගත හැකි වූ බවයි. ත්‍රස්තවාදයට එරෙහි යාන්ත්‍රණයක් සඳහා රාමුවක් සකස් කිරීම බහු පාර්ශ්වීය ගුවන් මෙහෙයුම් සඳහා වන අන්තර්ජාතික එකඟතාව ඉන් කිහිපයක්. චීනය සහ අමෙරිකාව තම නිෂ්පාදන කෙරෙහි බදු ඉහළ නංවමින් සිදුකරන ආර්ථික යුද්ධය තුළ මැදිහත් පිළිවෙතක් අනුගමනය කරන බවද සිංගප්පූරුව කියා සිටියා. ආසියානු සමුළුව අවසානයේ එහි මීළඟ සභාපතිත්වය සඳහා තායිලන්තය තෝරා ගැනුණා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...