ඇමෙරිකාව F-35 යානා තාවකාලිකව නවත්තයි

ඔක් 15, 2018

    ඇමෙරිකානු හමුදාව භාවිත කරන F-35 වර්ගයේ සියලු ගුවන් යානා තාවකාලිකව පියාසර කිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පසුගිය මාසයේ සිදුවූ ගුවන් අනතුරින් පසු මෙම තීරණ ගෙන ඇති බවද ගුවන් යානාවල ඉන්ධන සැපයුම් නලවල දෝෂයක් ඇති බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳ මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

    ලොව ඉහළම වියදමක් දරා සිදු කෙරෙන යුද ව්‍යාපෘතිය ලෙස F-35 ගුවන් යානා ව්‍යාපෘතිය සැලකෙයි.

    මෙම ව්‍යාපෘතිය 1992 වසරේ දී ආරම්භ කෙරුණු අතර එහි පළමු ගුවන් යානය පියාසර කළේ 2006 වසරේදීය.

    දෝෂ රැසක් තිබියදීත් යානා යුද මෙහෙයුම් සඳහා සුදුසු බවට නිර්දේශ කිරීම පිළිබඳ මේ වන විට ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇති අතර මෙහි මෙහි යානා වර්ග තුනක් ඇති අතර ඒවා ඇමෙරිකානු ගුවන් හමුදාවේ මැරීන් බලකාය සහ නාවුක හමුදාව සඳහා වෙන් වෙන්ව නිෂ්පාදනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

    Latest News