මො රොබින්සන් නම් 25 හැවිරිදි කන්ටේනර් රථයේ රියදුරගෙන් මේවන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම මළ සිරුරු ශීතකරණ කළ කන්ටේනර් රථයක තිබී ඊයේ දිනයේ සොයා ගැනුණු අතර එයින් 8ක් ගැහැණු මළ සිරුරු වන අතර 31 පිරිමි මළ සිරුරුවේ. බෙල්ජියමේ සිට මෙම රථය පැමිණ ඇති අතර එහි බලධාරීන් මෙම කන්ටේනර් රථයේ ගමන් විස්තර ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවටගත් කන්ටේනර් රථ රියදුරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත නිවාස 2ක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කළ අතර මෙම ඝාතනවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා මේ වන විට එසෙක්ස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අතර බෙල්ජියම හරහා බ්‍රිතාන්‍ය වෙත කෙරෙන මේ ආකාරයේ නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයක දී අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තාවේ.