එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා 19 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ, ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ විවෘත විවාදයේ දී මේ බව සඳහන් කළේ ය.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප්ගේ අවසන් කටයුතු නිව්යෝර්හිදී අද සිදු කිරීමට නියමිතයි.

ලෝකය මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය විසඳීමට ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය ප්‍රමාණවත් දායකත්වයක් නොදක්වන බවට අමෙරිකාව චෝදනා කරනවා.

ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 20,557 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

යුරෝපානු රටවලට ගෑස් සැපයුම ඉදිරි‍යේදී තවදුරටත් අඩුවිය හැකි බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.  

ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (20) ජර්මනියෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 140,000 කට අධිකයි.  

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට මුල් වරට ගිම්හාන සෘතුව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බවයි.

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ‍එර‍ට යෝජිත මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී වාතාවරණය පිළිබඳ, සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ සර්ව පාක්ෂික හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුරෝපයේ ලැව්ගිනි මේ විට උතුරු දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ලැව්ගිනි ව්‍යාප්ත වීම වේගවත් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ඉන්දීය ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තු මන්දිරයේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවලදී අද සිදු කෙරුණා.

සු‍ඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ හේතුවෙන්, එරට ඇඳිරිනීතිය පනවා ඇති බවයි, විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.  

යුරෝපයේ ලැව්ගිනි තත්වය වඩාත් උත්සන්න වී තිබේ. මේ වන විට රටවල් රැසකට මෙම ලැව්ගිනි පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හයිටි රාජ්‍යයකට ඇතැම් අවි ආයුද සැපයීම සීමා කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ග්‍රීසියේ උතුරු ප්‍රදේශයේ කවාලා නගරය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය වන බව අයි.එම්.එෆ්. හි කළමණාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටර්ලීනා ජෝර්ජියාවා මහත්මිය පවසනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ‍ෂොයිගු අද යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වුණා.

අමෙරිකානු ජනාධිපති "ජෝ බයිඩන්" සහ ‍සවුදි අරාබියේ ඔටුන්න හිමි "මොහොමඩ් බින් සල්මාන් කුමරු" අතර හමුවක් අද පැවැත්වුණා.

පකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.

යුරෝපයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ ලැව් ගිනි හටගෙන තිබෙනවා.

Latest News