‍‍ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට‍ එ‍රෙහිව විරෝධතාවකට එක් වූ කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

‍‍‍‍‍බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවක දේශපාලන විවාදයක් අතරතුර එහි නිවේදිකාව ක්ලාන්ත වී ඇද වැටී තිබෙනවා.  මෙය අද විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක් වූ පුවතක් බවට පත්  වුණා.

‍‍රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එය 2024 වසරේ දී ක්‍රියාත්මක කරන බවයි, එරට බලධාරීන් පවසන්නේ.  

ඉතිහාසයේ කැනඩාවේ කතෝලික පාසල්වලදී  සිදුවූ සමූහ ඝාතනයන් සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට ස්වදේශීය ජනතාවගෙන් සමාව අයැද සිටිනවා. 

යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීම‌ා කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.   නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. 

කාලගුණික, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමට රුසියාව හේතු වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව එරට විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් පවසනවා.

“‍‍මන්කි පොක්ස්” වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටවල් රැසක් මේ වන විට හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත‍යේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වෙන්ටියැන් (Wentian) පර්යේෂණාත්මක මොඩියුලය සාර්ථකව ගුවන්‍ගත කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

යූරෝ කලාපයට අයත් රටවල පොළි අනුපාත වසර 11 ට පසු ඉහළ නංවා තිබෙනවා.

නයිජිරියාවේ වයඹ දිග "කට්සිනා" ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 5 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු මිය තිබෙනවා.

යුරෝපය පුරා පැතිර යන අධික උණුසුම් කාලගුණය සහ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,700 දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

තම රට ලෝක ආහාර සුරක්ෂිතතාව රැකගැනීමේ සක්‍රිය බලවේගයක් බව චීනය අවධාරණය කරයි.  

ලොව ඉහළම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යා අද ජපානයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව එක්ලක්ෂ 35,293 ක්.  

යුක්‍රේනය සහ රුසියාව ධාන්‍ය අපනයනය සඳහා නව ගිවිසුමකට එළඹීමට තීරණය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස ද්‍රෞපදි මුර්මු මහත්මිය තේරී පත්වුණා.

ඉතාලියේ අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී අද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Latest News