අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් ඔහුගේ ව්‍යාපාර පිළිබඳ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පිළිතුරු දීමෙන් වැලකී තිබෙනවා.

‍‍චීනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් “ලංග්‍යා” නැමති තවත් වෛරසයක්  හඳුනාගෙන තිබෙනවා.

තායිවානයේ තමා සිදු කළ සංචාරය පිළිබඳව කිසිසේත් කනගාටු නොවන බව, අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසි පවසයි.ඇය සඳහන් කරන්නේ, සිය සංචාරය ඉතා වැදගත් වූ බවයි.

රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ විශාල පිපිරීමක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ආයුධ ගබඩාවක් පුපුරා ගොස් ඇති බවයි.

‍තලෙයිබාන් සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර‍ ගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින්, ප්‍රබල තලෙයිබාන් සාමාජිකයෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වසර 80කට පසු අධික වර්ශාපතනයක් වාර්තා වී තිබෙනවා.

සිය න්‍යෂ්ටික අවි පරීක්ෂා කිරීමට අමෙරිකාවට අවසර ලබාදීම තාවකාලිකව නතර කරන බව, රුසියාව පවසනවා.

අමෙරිකානු එෆ්.බී.අයි ආයතනයේ නිළධාරීන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාහි පිහිටි නිවස හදිසියේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ පවත්වන යුද අභ්‍යාස ඉහළ නැංවීමට චීනය තීරණය කර තිබෙනවා.

රුසියානු හමුදාව, යුක්‍රේනයේ දකුණු දිග ප්‍රදේශයේ අවි ගබඩාවක් මුළුමණින්ම විනාශ කර තිබෙනවා.

කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් "ගුස්ටාවෝ පෙට්‍රෝ" ඊයේ දිවුරුම් දුන්නා. එරට ප්‍රථම වාමාංශික ජනාධිපතිවරයා වශයෙන් ඔහු වාර්තා අතරට එක් වනවා.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන්, සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙනවා. එය, මේ වනවිට ක්‍රියාත්මක වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ජූලි මාසය නිමා වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුන්දහස ඉක්මවා ඇත.

පකිස්තානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වයෙන් මේ වන විට 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනයත්, අමෙරිකාවත් අතර   ප්‍රධාන ක‍්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව නැවැත්වීමට චීන බලධාරින් තීරණය කර තිබෙනවා.

තායිලන්තයේ රාත්‍රී සමාජ ශාලවක ඊයේ අළුයම ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද ජපානයෙන් වාර්තා වුණා.

චීනය, තායිවානය අවට මුහුදු ප්‍රදේශයට මිසයිල ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවට තායිවානය චෝදනා කරනවා. චීනය පවසන්නේ, මෙය තම හමුදා අභ්‍යාස අතරතුර සිදු කළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් බවයි.

‍‍ලොව වැඩිම දෛනික කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව අද ජපානයෙන් වාර්තා වනවා.

Latest News