එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ ජනාධිපති ලෙස තවත් වසර පහක් සදහා යළිත් තේරී පත් වී තිබේ.

ට්‍රක් රථකරුවන්ගේ විරෝධතා මැඩපැවැත්වීම සදහා හදිසි නීතිය යොදා ගැනීම පිළිබඳව කැනඩා රජයට චෝදනා එල්ල වී තිබේ.

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ජපානයේ කේන් ටනාකා මියගොස් තිබෙනවා.

යුක්‍රේනයේ “ඔඩීසා“ නගරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නයිජිරියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක‍්‍ෂයට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා.

මිහිකත දිනය අදට යෙදී තිබෙනවා. 'අපේ ලෝකයේ, ආයෝජනය කරමු' යන්න මෙවර එහි තේමාවයි. ගෝලීය වශයෙන් මිහිකත දිනය සැමරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබේ. 

නවතම අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව, රුසියාව පවසනවා.

චීනයේ ෂැංහයි නගරයට බලපා ඇති කොවිඩ් රැල්ල පාලනය කිරීමට හැකි වී තිබේ. බලධාරීන් පවසන්නේ, ඒ අනූව නගරයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

අමෙරිකාවට මේ දිනවල හිම කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.8කින් වර්ධනය වෙයි.

රුසියානු හමුදා යුක්‍රේනයේ ඩොන්බාස් නගරයට එල්ල කරන ප්‍රහාර දැඩිකර තිබේ.

රුසියාවේ මීළඟ අරමුණ යුක්‍රේනයේ ඩොන්බාස් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම බව, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

යුක්‍රේන අර්බුදය නිසා ඉහළ ගොස් ඇති ආහාර මිල යළි පහත හෙලීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ලෝක වෙළෙඳ සංවිධානයේ අවසරය හිමිවන්නේ නම් ඊට තමා සූදානම් බවයි ඔහු කියා සිටින්නේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අප්‍රේල් 21-22 දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

යුක්‍රේනයේ, මරියුපෝල් නගරයේ රුසියානු හා යුද කටයුතු තාවකාලිකව අත්හිටුවීමේ දින ගණන මේ වන විට අවසන් වී තිබේ. 

පිලිපීනයට පසුගියදා බලපෑ මෙගී සුළි කුණාටුව හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශවල නායයාම් සහ ගංවතුර තත්වයක් වාර්තා වනවා.

රුසියානු රජය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සහ එරට නිලධාරීන් රැසකට රුසියාව වෙත ඇතුලුවීම තහනම් කර තිබෙනවා.

ජපාන රජය ෆුකුෂිමා බලාගාරයේ විකිරණශීලී අපද්‍රව්‍ය මුහුදට මුදාහැරීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

චීන ගගනගාමීන් පිරිසක් මාස 6ක කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීමෙන් අනතුරුව, නැවත පෘතුවියට පැමිණ තිබෙනවා.

එක්සත් ජනපදය ඇතුළු සහචරයින් යුක්‍රේනයට ආයුධ සැපයීම අඛණ්ඩව සිදුකරගෙන ගියහොත්, අත්විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මොස්කව් බලධාරින් නිල වශයෙන් අනතුරු අඟවා තිබෙනවා.

Latest News