එක්සත් ජනපදය මාර්තු මැද භාගයේදී හයිපසොනික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව, එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත.

අමෙරිකාව ඇතුළු තවත් බටහිර රටවල් කිහිපයක් රුසියාව විසින් ආයෝජන කරන ලද ව්‍යාපාර මුළුමණින්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.

රුසියාව විසින් තම රට තුළ සිදු කළ යුද අපරාධ පිළිබඳව චෝදනාවන් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුණු රැස් කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලන්ස්කි පවසයි. ඊයේ රාත්‍රියේ ජනතාව අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

ලිබියාවේ සිට යුරෝපය බලා ගමන් ගත් සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 100කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට විරුද්ධව ඉදිරිපත් වී තිබූ විශ්වාස භංග යෝජනාවෙන් ජයග්‍රහණය කර තිබෙනවා.

එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊශ්‍රායල් හමුදාව පලස්තීන ජාතිකයින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යේමනය හා සෞදි රාජ්‍යය මාස දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එකඟවී තිබෙනවා.

රුසියානු හමුදාව යුක්‍රේනයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් පසුබසිමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

චීනයේ සුළං හා සූර්ය විදුලි නිෂ්පාදනය මෙම වසරේ දී සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 12.2% ක් වනු ඇතැයි චීන ජාතික බලශක්ති දෙපාර්තමේන්තුව පවසයි.  

යුරෝපයට යවනු ලබන ගෑස් සඳහා රූබල්වලින් ගෙවීම් නොකළ හොත් සැපයුම් නතර කරන බව රුසියාව පවසයි.

යුක්‍රේන - රුසියා යුද්ධය පිළිබඳව පුරෝකථනය කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රංශයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානි ජෙනරාල් එරික් විඩාවුඩ් (Eric Vidaud) සේවයෙන් නෙරපා තිබේ.

දකුණු කොරියාව විසින් සාර්ථකව ඝණ ඉන්ධන රොකට්ටුවක් දියත් කළ බව, එරට බලධාරින් ප්‍රකාශ කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය ගැහැණු දරුවන් පාසලට පැමිණීම තහනම් කිරීමත් සමග ලෝක බැංකුව එරටට ලබාදෙන ආධාර රැසක් අත්හිටුවා තිබෙනවා.

ඊශ්‍රායලයේ ටෙලවිව් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වූ වෙඩි තැබීම පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

යුක්‍රේන - රුසියා සාකච්ඡා අතරතුරදී ආහාර පාන ගැනීමෙන් හා බාහිර ද්‍රව්‍ය ඇල්ලීමෙන් වැළකී සිටින ලෙස යුක්‍රේන පාර්ශවකරුවන් හට දැනුම්දී තිබෙනවා.

ඔස්ට්‍රෙිලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් එරට ජනජීවිතයට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සක්‍රීය ලැව්ගිනි 142ක් මැඩපැවැත්වීමට ප්‍රාන්ත ගිනි නිවන භටයින් සමත්වූ බව, ප්‍රාන්ත බලධාරින් පවසනවා.

යුක්‍රේනය හා රුසියාව අතර, පළමු වටයේ සාම සාකච්ජා සඳහා සහභාගී වූ රුසියානු බිලියනපතියෙකු වන රොමාන් අබ්‍රමොවිච්ට කිසියම් විෂක් ශරීරගත වී ඇති බවට, සැක පළවී තිබේ. ඔහුට සාම සාකච්ජා අතරතුර මෙම විෂ ශරිරගතවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදකයෙකුට පහරදීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ නළු විල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඔහුගේ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

Latest News