ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට තැබීමට ඉදිරියේ දී සූදානම් වේ.

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයෙන් එරට පාලක භාරතීය ජනතා පක්ෂයට දරුණු පරාජයක් අත්වී තිබේ.

පකිස්තානයේ ද කොවිඩ්-19 වසංගත තත්වය උග්‍රවෙමින් පවතින බව වාර්තාවේ.

කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති බිහිසුණු මානව ඛේදවාචකය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතී.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ෂීක් ජාතික බැතිමතුන් සිය ශුද්ධ වූ ආගමික දේවස්ථානයක් ලෙස සලකන අම්රිට්සර් නගරයේ පිහිටි ගෝල්ඩන් ටෙම්පල් වෙත විශාල පිරිසක් එක්වූහ.

අද පෙරවරුවේ ජර්මනියේ සිට නව ස්වසන ආධාර යන්ත්‍ර 120ක් රැගත් ගුවන් යානයක් නවදිල්ලි නුවරට ළඟා විය.

ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාව තුළින් ඊයේ වාර්තා විය.

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙක් මරණයට පත්ව තිබේ.

ඉන්දියාවේ මුම්බායි අගනුවර, කොරෝනා එන්නත්කරණ වැඩසටහන නතර කර තිබේ.

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් හතළිස් දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 3647ක් සිදුව තිබේ.

පකිස්තානයේ ඔක්සිජන් සැපයීම අඩාලවීම නිසා එරට පළාත් දෙකක සැපයුම් කළමනාකරණය කිරීමට හදිසි නොවන සැත්කම් නතර කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්ෂ දෙකේ සීමාව පසුකර තිබේ. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 3,285ක් ඉන්දියාවේ සිදු විය. එය මෙතෙක් එරට සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වෙයි.

කොරෝනා දෙවැනි රැල්ලෙන් දැඩි ලෙස බැටකමින් සිටින ඉන්දියාවේ තත්වය දිනෙන් දිනම බරපතල වන බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කොරෝනා වෛරසයට එරෙහි, එන්නත් නිපදවන ඇස්ට්‍රාසෙනෙකා සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

පසුගිය දා අතුරුදන් වූ සම්බැරීන්යේ සිටි නාවිකයන් 53 දෙනා මියගොස් ඇතැයි ඉන්දුනීසියාව පවසනවා.

මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ආසියානු සම්භවයක් සහිත කාන්තාවක් සමත්වී තිබෙනවා.

Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි සහ Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා ඉන්දියාවේ කොවිඩ් 19 සටනට ආධාර කිරීමට එක්ව සිටියි.

ඉන්දියාවේ දිල්ලි අගනගරය ඇතුළු ඇතැම් නගරයන්හි රෝහල්වල නේවාසික රෝගී ධාරිතාව උපරිම මට්ටමට වඩා පිරීගොස් ඇතැයි,වාර්තා වෙයි. මේ හේතුවෙන් කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත.

ඉන්දුනිසියාවේ බාලි වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී පසුගියදා අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි නාවිකයින් 53 දෙනා මියගොස් ඇති බවට අනුමාන කරන බව එරට බලධාරින් පවසයි.

Latest News