ප්‍රංශයේ මිලියන 20කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන පළමු එන්නත ලබාදී ඇති බව, එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

පකිස්තානයේ කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් මියගොස් තිබේ.

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව මේ සතිය තුළ අඛණ්ඩව සිව්වැනි දිනටත් ලක්‍ෂ හතර සීමාව ඉක්මවා ගොස් තිබේ.

“ෂැන්සි” ලක්ෂණ සහිත සංස්කෘතිය ඉස්මතු කෙරෙන චීනයේ බයිලුයුවාන් චිත්‍රපට හා රූපවාහිනී නගරය වසර පන් දහසකට වැඩි චීන ඉතිහාසය තුළ සෑම ස්ථානයකම ඊට ආවේණික සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා වසංගතය ග්‍රාමීය ප්‍රදේශ වෙත සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ ජනතාව උග්‍ර අවදානමකට මුහුණ පා සිටී.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි, එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

ධනවත් රටවල් ළමයින්ට සහ යෞවන කණ්ඩායම්වලට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ සිය සැලසුම් කල්දැමීම යෝග්‍ය බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

චීනය, අඟහරු වෙත යවා තිබූ රෝවරය රැගත් යානය මීට පැය කිහිපයකට පෙර අඟහරු වෙතට සාර්ථකව ගොඩ බස්සවා තිබේ.

ගාසා තීරයේ ගැටුම් අද (14) පස්වැනි දිනටත් පැවති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ ටෝකියෝ නුවර මේ වසරේ පැවැත්වීමට නියමිත "2020-ටෝකියෝ ඔලිම්පික්" උළෙල සම්බන්ධයෙන් එරට ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ.

දැඩි බලපෑම් සහගත වෛරස ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියාවේ වාර්තා වන කොරෝනා බී.1.617.2 ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ පැතිරයාමේ අවධානමක් මතුව තිබේ.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාසය කෝටි 18 ලක්ෂ 24,000 ඉක්මවා ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 7 ලක්ෂ 43,000ක්.

ගෝලීය වශයෙන් කොරෝනා ආසාදනය වූ පිරිස අද වනවිට 16 කෝටි දස ලක්‍ෂය ඉක්මවා තිබේ.

කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කළ යුතු බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දෙලක්‍ෂ 50,000 ඉක්මවා ගොස් තිබේ.

ගාසා තීරයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය පිරිස තිස් දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, පලස්තීනය පවසන්නේ.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ මාරාන්තික ප්‍රභේදය මේ වන විට ලොව තවත් රටවල් 44 කින් පමණ හඳුනාගෙන ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝකයේ සිදුවන සෑම කොරෝනා මරණ තුනකින්ම එකක් ඉන්දියාවෙන් වාර්තා වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

Latest News