කොරෝනා වසංගන තර්ජනය වඩාත්‌ උග්‍ර වෙද්දී එය නොතකා ඉන්දියාවේ හින්දු බැතිමතුන්‌ ලක්‍ෂ ගණනකගේ සහභාගිත්වයෙන්‌ කුම්භමේලා උත්සවය පවත්වනු ලැබුවා.

අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්නයේ කළු ජාතික ශිෂ්‍යයෙකු පොලිස් වෙඩි පහරින්‌ මියයාමන්‌ සමග දැඩි ජනතා විරෝධයක්‌ හටගෙන තිබෙනවා.

දෛනිකව කොරෝනා ආසාදිතයන් එක් ලක්ෂ 50,000කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. 

දෙවන එළිසබෙත් මහ රැජිනගේ සැමියා වන, එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, ලබන සෙනසුරාදා පැවැත්වෙන බව, බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

බි‍්‍රතාන්‍යයේ පිලිප් කුමරුගේ අභාවය සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය ශෝකය පළකළා. බි‍්‍රතාන්‍ය වැසියන් ද ශෝකය පළකිරීම සඳහා එක්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් රැජිණගේ සැමියා වන පිලිප් කුමරු මිය ගිය බව බ්‍රිතාන්‍ය බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත.

කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත කර සිටි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව ගොස් ඇත.

අමෙරිකාවේ ගිනිඅවි සංස්කෘතික පාලනය කිරීමට ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරයි.

උතුරු අයර්ලන්තයේ නගර කිහිපයක පවතින විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් 50කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ජා සාර්ථක වී තිබේ.

ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 4,211ක් සිදුව තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ තරුණ සිසු සිසුවියන්  සමග රුක් රෝපණ වැඩසටහනකට එක් වෙයි.

ලොව වැඩිම දෛනික කොරෝනා රෝගීන් වාර්තා වන ඉන්දියාවේ ගතවූ පැය විසි හතරේ දී ආසාදිතයන් 96,557 දෙනෙක් හඳුනාගැනිණ.

ලබන සතියේ බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවතත් විවෘත කිරීමට අපේක්ෂා කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

බ්‍රිතාන්‍යය එරට සෑම පුරවැසියෙකුටම සතියකට දෙවරක් ක්‍ෂණික ‍කොරෝනා වෛරස පරීක්‍ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් 60,922 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූ දෙවැනි රට ප්‍රංශයයි.

ඉන්දියාවේ පූනෙයි නගරය තුළ ඊයේ සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, අද මහාරාෂ්ඨ ප්‍රාන්තය පුරාවට ද ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පියවර ගත්තේය.

ශීග්‍ර ලෙස ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය හමුවේ වුවද ඉන්දියාවේ කිතුනු බැතිමතුන් අද පාස්කු දේව මෙහෙයන් සඳහා සහභාගි වූහ.

පාස්කු දින ‍ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අද (04) පැවැත්විණ.

අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි 13 ලක්‍ෂ 83,000 ඉක්මවා ගොස් තිබේ.

Latest News