රුසියාවේ මොස්කව් අගනුවරට සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළු එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව දැඩි විවේචන එල්ල විය.

යෝජිත පරිදි ලබන 21 බ්‍රිතාන්‍යය යළි විවෘත කිරීම සැක සහිත බව, අගමැති බොරිස් ජොන්සන් පවසයි.

ඉකුත් පැය 24 තුළ කොරෝනා වැඩිම මරණ ඉන්දියාවෙන් වාර්තා විය.

චිලී රාජ්‍යයේ 60%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබාදී ඇති පසුබිමක වුවද එරට වසංගත තත්වය උග්‍ර වෙමින් පවතී.

ග්‍රීෂ්ම නිවාඩු සමයේ සංචාරවල නිරතවන්නේ නම් වගකීමක් සහිතව හැසිරෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් ධවල මන්දිරයේ සාමාජිකත්ව පිළිබඳ ජනාධිපති කොමිසමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා පත්කර ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ලොව පුරා ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500ක් නොමිලයේ බෙදා දීමට අමෙරිකාව තීරණය කර තිබේ. ඒවා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකට ලබාදීමට සූදානම් වන බවයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

දිනක් තුළ මෙතෙක් සිදුවූ ලොව වැඩිම කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එම මරණ ගණන 6,138ක්.

දකුණු අප්‍රිකානු මවක් එකවර දරුවන් 10 දෙනෙක් බිහි කර තිබේ. වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාව ලෙසයි,එය සැලකෙන්නේ.

මැලේසියාවේ සක්‍රිය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 91,227 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර සබඳතා නව යුගයකට එළඹ ඇති බව, අමෙරිකානු උප ජනපති කමලා හැරිස් පවසනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් චිලී රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව අද වනවිට 30,000 ඉක්මවා තිබේ.

ඉන්දියාව එරට අගනුවර වන නව දිල්ලිය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මුම්බායි නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ එරට කොවිඩ් ආසාදිත මරණ දිනෙන් දින පහළ යාම සළකා බැලීමෙන් අනතරුවයි.

පාකිස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරකින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් එක් ලක්‍ෂ 14,537ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 2683ක්.

මධ්‍යම අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාර්සෝ ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගම්වාසීන් 132ක් මියගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ සිදුව ඇති ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 10,237ක්.

Latest News