වසර 60කට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීමේ තත්වය හමුවේ අද දිනයේ ද ගලවා ගැනීමේ කණ්ඩායම් සිය රාජකාරී ඉටු කරමින් සිටියි.

ජපානයේ ඊයේ හට ගැනුණු භූ කම්පනයෙන් අනතුරුව, මීටරයක් පමණ උසින් යුතු සුනාමි රළ නැගෙනහිර දිග වෙරළ තීරයේ පිහිටි "මියාගි" ගොඩබිමට කඩා වැදුණු බව, එන්.එච්.කේ. නාලිකාව පවසයි. එහෙත්, ඉන් සිදුවූ කිසිදු ජිවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බිබීටන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, එරට මාධ්‍ය වාර්තා පවසයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශ සඳහා හදිසි තත්වයක් එරට රජය ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාවේ ඇලස්කා ප්‍රදේශයේ පැවැත්වෙන චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ජා බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අමෙරිකාව 2024 දී යළි සඳ තරණය කිරීමට අවශ්‍ය පෙර සූදානමක නිරත වෙමින් සිටින බව වාර්තාවේ.

යුරෝපානු රටවල ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දෙසතියක් පුරා රාජකාරිවලින් බැහැරව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි ඊයේ අභාවප්‍රාප්ත විය.

ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆූලි අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට වසර අවුරුදු 61ක්. හෘදයාබාධාවක් වැළඳී ඊයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව එරට රජය පවසයි.

තම සංගමයේ සාමාජික රටවල් අතරේ සංචාර සිදුකිරීමට අවසර දීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. එම වැඩපිළිවෙළ යටතේ අදාළ පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික සහතිකයක් නිකුත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ 1996 කියන්නේ කාටවත්ම අමතක නොවන වසරක්.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා තත්වය පාලනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි, අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රාන්ත මහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ආරක්‍ෂිත බව බ්‍රිතාන්‍ය රජය යළි තහවුරු කරයි.

නයිජීරියාවේ සිදුවු වෙඩි තැබීමකින් සිවිල් වැසියන් 58 දෙනෙක් මියගොස් තිබේ. වෙඩි ප්‍රහාරය සිදුව ඇත්තේ මාලි දේශසීමාවට ආසන්න නගරයකදී.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්කෝටි දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

නාසා ආයතනයේ පර්සිවියරන්ස් රෝවරය මගින් අඟහරු ග්‍රහයා පිළිබඳ නවතම තොරතුරු මේ වන විට අනාවරණය කර ගනිමින් සිටියි.

තායිලන්තය තාවකාලිකව අත්හිටවූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද යළි ආරම්භ කෙරිණ.

ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා අද කොවිඩ්-19 එන්නත ලබා ගත්තේය.

අමෙරිකාව තුළ කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්ම වීමට ආසන්නව පවතියි.

Latest News