ලොව ධනවත් රටවල් සෑම තත්පරයකටම එක් පුද්ගලයෙක්ට කොරෝනා වෛරස එන්නත ලබා දෙන අතර දුප්පත්ම ජාතීන්ගෙන් බහුතරයක් තවමත් එන්නතෙහි එකඳු මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බව මහජන එන්නත් සන්ධානය පවසයි.

චීනය ජාත්‍යන්තර සංචාර සඳහා විශේෂ වෛරස ගමන් බලපත්‍රයක් හඳුන්වා දී තිබේ.

ජපානයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ට සහභාගී වීම තහනම් කර තිබේ.

තම රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමෙන් වැළකී සිටින ලෙස ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉදිරිපත් කළ නව ගොවි නීති විවේචනය කිරීම සම්බන්ධයෙක් කරුණු දැක්වීම සදහා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙත කැඳවීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

චීන 14 වන පස් අවුරුදු සැලැස්ම වෙනුවෙන් සුළු ජාතික ප්‍රදේශවල නියෝජිතයෝ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරති.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහි දූෂණ සහ අපරාධ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කරන ලෙස ගෝලීය කාබන් විමෝචනය වැඩි රටවල්වලින් අමෙරිකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී ඉල්ලා සිටියි.

පොලිස් ප්‍රචණ්ඩත්වය හමුවේ ජීවිතය අහිමිවූ අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඊයේ විරෝධතාවක් පැවැත්විණ.

බ්‍රිතාන්‍ය රාජකීය පවුල සමඟ තමා ගෙවූ ජිවිතය ඉතා දුෂ්කර වූ බව, හැරී කුමරුගේ බිරිඳ, මේගන් මාර්කල් පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපති ජේ බයිඩන් ඉදිරිපත් කළ ඩොලර් ට්‍රිලියන 1.9ක කොවිඩ් සහන සැලැස්ම අමෙරිකානු සෙනෙට් සභාව අනුමත කර තිබේ.

ඉබෝලා වසංගතය හිස ඔසවා ඇති ගිනියා රාජ්‍යයේ 1,600කට පමණ ඉබෝලා එන්නත ලබාදීම මේ වනවිට ක්‍රියාත්මක වේ.

පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ ඓතිහාසික සංචාරයක නිරතව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට අද සමත්විය.

අමෙරිකාවේ නාසා ආයතනය,අඟහරු වෙත යවා ඇති රෝවරය මෙහෙයුම් ආරම්භ කරමින් පළමු මීටර 6.5ක දුර සම්පූර්ණ කර තිබේ.

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂූ හි වරාය අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙක් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි යුරෝපා රටවලින් මේ වන විට කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය බැගින් වාර්තා වී තිබේ.

කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණ වාර්තාව මේ මස නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මියන්මාරය විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරවලින් මේ වන විට 54 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉරාකය වෙත සිදුකරනු ලබන සංචාරය අද ආරම්භ වනවා.

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය බෙයිජිංහිදී අද (05) ආරම්භ විය.

Latest News