ඊශ්රායලය සහ පලස්තීන සටන්කාමී හමාස් සංවිධානය අතර, ඉකුත් සෙනසුරාදා ආරම්භ වූ යුද ගැටුම් උත්සන්න වීමෙන් දෙරටේම වැසියන් 1100 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

දකුණු ඊශ්‍රාලයේ ප්‍රහාරවලින් තුවාල ලැබු සුජිත් ප්‍රියංකර නැමති ශ්‍රී ලාංකිකයාගේ තත්වය බරපතල නොවන බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.

ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන සටන්කාමින් විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව, හමාස් සංවිධානය පවසනවා.

 සිරියාවේ ''හෝම්ස්'' නගරයේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සියදෙනෙකු මියගොස් තිබෙනවා.

ඉතාලියේ වැනිස් නගරය ආසන්නයේ ගුවන් පාලමකින් බස් රථයක් පෙරලී ගිනි ගැනීමෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊජිප්තුවේ ඉස්මයිලියා නගරයේ පොලිස් සංකීර්ණයක හට ගත් ගින්නකින් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ සමාජ ශාලා තුනක හටගත් ගින්නකින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලෝක ජනාවාස දිනය අදයි. ''සුරක්ෂිත නාගරික ආර්ථිකයක්'' මෙවර ජනාවාස දිනයේ තේමාවයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

නයිජර් රාජ්‍යයේ සිටින සිය තානාපතිවරයා සහ හමුදා සාමාජිකයින් ඉවත් කරගැනීමට තීරණය කර ඇතැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්ක්‍රේනයට නවීන දිග දුර මිසයිල ලබා දීමට සැලසුම් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන නගර 6 ක් පිපිරීම්වලට ලක්ව තිබෙනවා. යුක්‍රේන බලධාරීන් පවසන්නේ, ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගියා. අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොදුරාජ්ය මණ්ඩලීය මහලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදුවුණා.

නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

පේරු රාජ්‍යයේ රිය අනතුරකින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

අමෙරිකාවේ නෙවාඩා හි, රේනෝ” නගරයේ ජාතික ශූරතා ගුවන් ධාවන තරගයකදී සිදු වූ අනතුරකින්, ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

“ලී” සුළි කුණාටුවෙන්, ‍‍අමෙරිකාවට සහ කැනඩාවට දැඩි හානි සිදුව තිබෙනවා. කැනඩාවේ “නෝවා ස්කෝෂා” ප්‍රාන්තයේ එක්ලක්ෂ විසිදහසක පමණ පිරිසකට, විදුලි විසන්ධිවීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

“ලී” සුළි කුණාටුව බලපෑම 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරනවා. “ලී” නිවර්තන සුළි කුණාටු තත්වය මේ වනවිට පැයට කිලෝ මීටර 112 ක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා අංශ තවදුරටත් නිවේදනය කර සිටිනවා. කැනඩාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි සුළං ප්‍රවාහයත් සමග, අධික වර්ෂාපතනයක් ද හටගෙන තිබෙනවා. අමෙරිකාවේ “මෙන්” ප්‍රාන්තයේ ගස් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වනවිට කැනඩාවේ ගුවන් ගමන් වාර සහ රථ වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර “නිව් ඉංග්ලන්ඩ්” සහ කැනේඩියානු ප්‍රාන්ත ගණනාවක කුණටු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනනවා.

සුළි කුණාටු තත්වය “ලෝන්ග් අයිලන්ඩ්” ගොඩබිම හරහා උතුරු දෙසට ගමන් කරන බව වාර්තා වනවා. “ලී” නිවර්තන සුළි කුණාටුව අත්ලාන්තික් සාගර කලාපය තුළ සතියකට වඩා වැඩි කාලයක්, ප්‍රදේශ රැසකට ප්‍රබල බලපෑම් එල්ල කළ සුළි කුණාටු තත්වයක් ලෙස කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කොට සිටිනවා.

Latest News