යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සිය ධූරයෙන් නෙරපා හැර ඇති බව ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි නිවේදනය කළා.

ඉන්දීය නාවික හමුදාවට අයත්, 'ඉන්ස් දිල්ලි' නෞකාව නිල සංචාරය නිමා කරමින්, ඊයේ දිවයිනෙන් පිත්ටව ගියා.

"සෙඕලා" සුළි කුණාටුවෙන් චීනයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ක්‍රිමියානු අර්ධද්වීපය සහ රුසියාව යාකෙරෙන "කර්ච්" පාලමට අද අලුයම ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේන හමුදාව උත්සාහ දැරූ බව, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකාවේ මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 73 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභික ක්‍රිස්වැන් හොලන් මහතා, ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා.

යුක්‍රේන හමුදාව, දකුණු පෙරමුණේ සිදුවූ සටන්වලින් මෑත කාලීනව ජයග්‍රහණ කිහිපයක් අත්කර ගෙන ඇති බව, එරට විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පවසනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භක තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනපති මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එක්වුණා.
2009 වසරෙන් පසු ප්රථම වරට ලෝකයට ඊයේ රාත්රියේ සුවිශේෂී දසුනක් දැකගැනීමට හැකි වුණා.

වයඹ දිග රුසියාවේ Pskov නගරයේ ගුවන් තොටුපළකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකට හානි සිදුව ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක රජය 2016 වසරේ 300ක පමණ පිරිසකට මරු කැඳවූ, බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වරදකරුවන් වූ තිදෙනෙකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ලබන පෙබරවාරි මාසයේ රටවල් 44ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්දුනීසියාවේ, බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

ලිබියාවේ අගමැති විදේශ ඇමතිවරිය සිය දුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තලේබාන් රජය විසින් ඇෆ්ගන්ස්ථානයේ බාමියන් පළාතේ බාන්ද් ඊඅමීර් ජාතික වනෝද්‍යානයට කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

යුක්‍රේනයේ කීර්තිමත් ප්‍රහාරක ගුවන් නියමුවෙකු සහ තවත් ගුවන් භටයන් දෙදෙනෙකු අනපේක්ෂිත ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

Latest News