අමෙරිකාවේ, හවායිහි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසනවා.

රුසියාව සහ ක්‍රිමියානු අර්ධ ද්වීපය සම්බන්ධ කෙරෙන “කර්ච්” පාලම ඉලක්ක කර යුක්‍රේනය හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 80 දක්වා ඉහල ගොස් තිබෙනවා.

හවායි දූපතේ පැතිර යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 53 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

"ඛානුන්" සුළි කුණාටුවෙන් දකුණු කොරියාවේ ගිනිකොණ දිග වෙරළබඩ ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

"හවායි" දූපතේ ඓතිහාසික "ලහයිනා" නගරය ලැව් ගිනි හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වනවා. ලැව් ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

අමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති  දැඩි කුණාටු සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අධික වර්ෂාපතනය නිසා නේපාලයේ කත්මණ්ඩු අගනුවර ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ගංවතුර අවදානමක් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරන්නේ. 

ලොව විශාලතම වැසි වනාන්තරය වන " ඇමර්සන්" ආරක්‍ෂා කර ගැනීමට දකුණු අමෙරිකානු රටවල් 8 ක් දැඩි එකඟතාවකට එළඹ තිබෙනවා.

ස්ලෝවේනියාවට බලපා ඇති ජලගැලීම් හේතුවෙන්, තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින්, සිරියානු සොල්දාදුවන් සිව් දෙනෙකු අද මියගියා.

දකුණුදිග පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා. සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු හමුදාව තම රාජ්‍යයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ඊ‍යේ රාත්‍රී ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

සන්නිවේදනය බිඳවැටුණු “වොයේජර් - 2” ගවේෂණ යානය සමග පූර්ණ සබඳතාවක් ඇති කර ගත් බව, නාසා ආයතනය පවසනවා.

රුසියානු ධඡය සහිත ඉන්ධන නෞකාවකට කළු මුහුදේදී යුක්රේන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ස්පාඤ්ඤයේ විද්‍යාඥයින් පිරිසක්, මැලේරියා රෝගය මදුරුවන්ගෙන්, මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම වැළැක්විය හැකි නව ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා.

අයිඑස් අයිඑස් සංවිධානයේ නායකයා වන අබු අල් හුසේන් අල් කුරාෂි සිරියාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගොස් තිබෙනවා.

බ්‍රසීල පොලිසිය ප්‍රාන්ත 3 ක ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වලදී එම ජාවාරම්වලට සම්බන්ධ 45 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඛානුන් සුළි කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීමට නැගෙනහිර චීනයේ ක්ෂිජියෑං පළාත කඩිනමින් සූදානම් කෙරෙන බව, බලධාරීන් පවසනවා.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබෙනවා.

Latest News