සහරා කාන්තාරයට ගං වතුර ගලයි

ඔක් 09, 2024

    අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දකුණු මොරොක්කෝවේ සහරා කාන්තාර ප්‍රදේශයට ගං වතුර තත්වයකට මුහුණ දීමට සිදු වී ඇත.

     

    මාලි සහ මොරිටේනියාව වැනි ගිනිකොණදිග සහරා කාන්තාර ප්‍රදේශ වලට බලපාන අන්තර් නිවර්තන වර්ෂාපතනයෙන් වෙනත් වසර වලදී මෙවැනි බලපෑමක් ඇති නොවූ අතර මෙම වසරේ අසාමාන්‍ය ගංවතුර තත්වයක් දක්වා එය වර්ධනය වීම පරිසරවේදීන්ගේ අවධානයට ලක්ව ඇත.

    නිරන්තර නියං තත්වයක් පවතින මෙම කාන්තාර ප්‍රදේශයේ ඉරිකි ජාතික උද්‍යානයද පිහිටා ඇති අතර උද්‍යාන පරිශ්‍රයේ ඇති ඉරිකි විල පිටාර ගලා ඇති දර්ශනද දැක ගත හැකිය. මීට අමතරව පසුගිය දශක පහක පමණ කාලයේ වියළී ගිය සොගාරා සහ ඉකිකි කලාප අතර ඇති පැරණි කාන්තාර විල් සියල්ලද ජලයෙන් පිරී ගොස් ඇත.

    නාසා ආයතනයෙන් නිකුත් කළ දර්ශන වලට අනුව වසර 50ක් පුරා සිඳී ගිය ජලාශ නැවත ජීවය ලද විල් වශයෙන් හඳුන්වා ඇත.

    පසුගිය වසර හයක පමණ කාලයක් පුරා දැඩි නියං සහිත කාළගුණික තත්වයන්ට මුහුණ දුන් මෙම ප්‍රදේශවලට වාර්ෂිකව ලැබුණේ මිලි ලීටර් 250 කටත් වඩා අඩු වර්ෂාපතනයකි.

    Latest News