දුෂ්කර මෙහෙයුමකින් සිරුර රැගෙනඑයි (වීඩියෝ)

නොවැ 14, 2018
  • ලෝකාන්තය නැරඹිමට ගොස් ඉන් පහළට වැටුණ ජර්මන් ජාතික කාන්තාවක්ගේ සිරුර ඊයේ අලුයම බලංගොඩ රෝහල වෙත රැගෙන එනු ලැබීය.

    ඒ යුද හමුදාව හා වනජීවී නිලධාරීන් සිදුකළ දින දෙකක මෙහෙයුමකින් අනතුරුවයි.

    මෙම කාන්තාව ඇයගේ යෙහෙලියක් සමඟ අද උදෑසන 7.50 ට පමණ ලොක්නාතය නරඹමින් ඡායාරූප ගැනිම සිදුකර ඇති අතර එම අවස්ථාවේ දී පහලට ඇඳ වැටුණු බව වාර්තා විය.

    ආරක්ෂක අංශ සිදුකල මෙහෙයුමකින් පසුවයි ඇයගේ සිරුර සොයා ගැනීමට හැකිවිය.

    ඒ අනූව යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කළේ සිරුර රැගෙන ඒම සඳහායි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 10:19

    Latest News