නිදහස් ශ්‍රී ලංකාවේ කතානායකවරුන්

නොවැ 18, 2018

    නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන්නේ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතායි.

    1947 ඔක්තෝබර් 14 වැනිදා සිට 1951 ජනවාරි 25 දක්වා ඔහු කතානායක ධූරය හොබවා තිබේ. ඇල්බට් එෆ්. පීරිස් මහතා කතානායක ධූරයට පත්වන්නේ 1951 පෙබරවාරි 13 වැනිදායි. 1952 අප්‍රේල් 8 වැනිදා දක්වා ඔහු කතානායක ධූරය දැරීය.

    ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූ එච්.එස්. ඉස්මයිල් මහතා 1956 අප්‍රේල් 19 වැනිදා කතානායකවරයා ලෙස තේරී පත්විය. 1959 දෙසැම්බර් 05 වැනි දින දක්වා ඔහු එම ධූරයේ කටයුතු කළේය. කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයෙන් තේරී පත්වූ පී.බී. සුබසිංහ මහතා මසකට ආසන්න කාලයක් කතානායක ධූරය දරා තිබේ. කෙටිම කාලයක් කතානායක ධූරය දරා ඇත්තේ සුබසිංහ මහතායි. ඒ, 1960 මාර්තු 30 සිට 1960 අප්‍රේල් 23 වැනිදා දක්වායි.

    1960 අගෝස්තු 05 වැනිදා ආර්.එස්.පැල්පොල මහතා කතානායක ධූරයට තේරී පත්විය. ඔහු 1964 අප්‍රේල් 24 වැනි දින දක්වා කතානායක ධූරය දැරීය. හියු ප්‍රනාන්දු මහතා ද වසරකට ආසන්න කාලයක් කතානායක ධූරයේ කටයුතු කර ඇත. 1964 ජනවාරි 24 වැනිදා කතානායක ධූරයට පත්වූ ඒ මහතා 1964 දෙසැම්බර් 17 වැනිදා ඉන් ඉවත්විණ. 1965 අප්‍රේල් 05 වැනිදා ඇල්බර්ට් එෆ් පීරිස් මහතා කතානායක ධූරයට පත්විය. 1967 සැප්තැම්බර් 21 වැනිදා දක්වා ඔහු එම ධූරයේ කටයුතු කර තිබේ.

    1967 සැප්තැම්බර් 27 වැනිදා කතානායක ධූරයට පත්වූ ෂර්ලි කොරයා මහතා එම ධූරයෙන් සමුගත්තේ 1970 මාර්තු 25 වැනිදා.ආනන්ද තිස්ස ද අල්විස් මහතා ද කතානායකවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ 1977 අගෝස්තු 04 වැනිදා සිට 1978 සැප්තැම්බර් 13 දක්වායි. අනතුරුව කතානායක ධූරයට පත්වුයේ එම්.කේ.බාකිර් මාකර් මහතායි. ඔහු 1978 සැප්තැම්බර් 21 වැනිදා සිට 1983 අගෝස්තු 30 දක්වා එම ධූරයේ කටයුතු කළේය.

    1983 සැප්තැම්බර් 06 වැනිදා කතානායක ධූරයට පත්වුණේ ඊ.එල්.සේනානායක මහතායි. ඔහු එම ධූරයෙන් ඉවත් වුයේ 1988 දෙසැම්බර් 20 වැනි දිනයි. එම්.එච්.මොහොමඩ් මහතා 1989 මාර්තු 09 වැනිදා සිට 1994 ජුනි 24 වැනිදා දක්වා කතානායක ලෙස ක්‍රියා කළේය. කේ.බී.රත්නායක මහතා කතානායක ධූරයට පත්වන්නේ 1994 අගෝස්තු 25 වැනි දිනයි. ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ රත්නායක මහතා 2000 ඔක්තෝබර් 10 වැනිදා දක්වා එම ධූරයේ ක්‍රියා කළේය.

    2000 ඔක්තෝබර් 10 වැනි දින කතානායක ලෙස පත්වන අනුර බණ්ඩාරනායක මහතා, 2001 ඔක්තෝබර් 10 වැනිදා දක්වා එම ධූරයේ කටයුතු කර තිබේ. ජෝසප් මයිකල් පෙරේරා මහතා ද 2001 දෙසැම්බර් 19 වැනිදා කතානායක ධූරයට පත්විය. 2004 පෙබරවාරි 07 වැනි දින දක්වා ඔහු එම ධූරය හොබවනු ලැබීය. වි.ජ.මු. ලොක්බණ්ඩාර මහතා කතානායක ධූරයට පත් වන්නේ 2004 අප්‍රේල් 22 වැනි දිනයි. 2010 අප්‍රේල් 20 වැනිදා දක්වා ඔහු කතානායකවරයා වශයෙන් කටයුතු කළේය.

    2010 අප්‍රේල් 22 වැනිදා චමල් රාජපක්‍ෂ මහතා කතානායක ධූරයට පත්විය. ඔහුගේ ධූර කාලය අවසන් වුණේ, 2015 ජුනි 26 වැනිදායි. 2015 සැප්තැම්බර් පළමු වැනිදා සිට මේ දක්වා කතානායක ධූරයේ කටයුතු කරන්නේ කරූ ජයසුරිය මහතායි. පක්‍ෂ-විපක්‍ෂ පොදු එකඟතාවයක් මතයි කරූ ජයසුරිය මහතා කතානායක ධූරයට පත්වන්නේ. 1948 සිට මේ දක්වා කතානායකවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට නායකත්වය දුන් අතර ඉන් තිදෙනෙකු විපක්‍ෂයේ වීම ද විශේෂත්වයක්.

    බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව කතානායක ධූරයේ පළමු වගකීම වන්නේ සම්ප්‍රදායට අනුගතවෙමින් ධූරයේ කටයුතු වඩාත් ස්වාධීනව හා අපක්‍ෂපාතීව සිදු කිරීමයි. වර්තමාන කතානායකවරයාගේ හැසිරීම සහ ක්‍රියා පිළිවෙත දැඩි විවේචනයට ලක්ව තිබේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් විධායකය හ ඝට්ඨනයක් ඇති කරන පළමු කතානායකවරයා ලෙස ඉතිහාසගත වන්නේ ද කරූ ජයසුරිය මහතායි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 18 නොවැම්බර් 2018 18:49

    Latest News