ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු එළඹෙන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 

ජනාධිපතිවරණයේ පරාජය පිළිගෙන, ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදේශගතවීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන ඇති බව, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ විශේෂ දිනයක් ලෙස ඊයේ පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබිණ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට හෙට (07) සිය තැපැල් ඡන්දය සළකුණු  කිරිම අවස්ථාව සළසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම තම අරමුණ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගතවූ පැය 24 කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97ක් වාර්තා වූ බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 15වැනි සිකුරාද වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දෙයි.

අධ්‍යාපන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරණ බවට සහතිකයක් ජනාධිපති අපෙක්ෂකයන් විසින් ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ගුරු සංගමය පවසයි.

Latest News