මෙරට සියලු දුම්රිය ස්ථාන 'හරිත දුම්රිය ස්ථාන' බවට පත් කරන බව, අමාත්‍ය අමරවීර මහතා පවසයි.

නත්තල් උත්සවය හා නව වසර උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන මහජනතාවගේ පහසුව පිණිස ලංගම, දුම්රිය හා අධිවේගී මාර්ගවල ප්‍රවාහන සේවා තවදුරටත් ශක්තිමත් කෙරේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7,000ක් පවතින බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වූ යාල්දේවි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ 'මීනගයා' සීඝ්‍රගාමී දුම්රිය ඊයේ රාත්‍රී අවුකන දුම්රිය නැවතුම අසළ දී පීළි පැනීමට ලක්ව තිබේ.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

දුම්රිය වැඩවර්ජනය අවසන් කරන බව, දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. අද පස්වරුවේ වෘත්තීය සමිති නියෝජිතයින් දුම්රිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා හමුවිය. 

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර අදට (02) දිනට හතකි.

Latest News