මෙම ජාවාරම්කරු ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ යාත්‍රාවක සිට ඇත. එහිදී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් මඟින් මෙම සැකකටයුතු පුද්ගලයා පරික්‍ෂා කර ප්‍රශ්ණ කර තිබේ.
වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කරුණු අනාවරණය කර ගෙන තිබේ.සැකකරු වයස අවුරුදු 21 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් මූලස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබේ.