ඉත්තෑ මස් කිලෝ දහයක් සමග මාමා සහ බැනෑ අත්අඩංගුවට

ජන 08, 2020

    වැල්ලවාය, ඌව කුඩාඔය, තෝආර ප්‍රදේශයේ ඉත්තෑමස් සමග පුද්ගලයන් දෙදෙනකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් මාමා සහ බෑනා වන අතර ඔවුන් ළඟ තිබී ඉත්තෑ මස් කිලෝ 10කුත් ග්‍රෑම් පන්සීයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු හැටපහ සහ තිහ යන වයස්වල පසුවන්නන් වන අතර සැකකරුවන් ප්‍රදේශයේ මස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    සැකකරුවන් දෙදෙනාවැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (7) ඉදිරිපත් කිරිමේන් පසු එක් අයෙකුට රුපියල් තිස්පන්දහස බැගින් දඩ මුදලක් ගෙවීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    Latest News