වෛද්‍ය මයිකල් වයන් මෙම මාරාන්තික වෛරසය පාලනය සඳහා චීනයේ වැඩපිළිවෙළ පැසසුමට ලක් කරමින් කියා සිටියේ, අභියෝගය විශාල නමුත් ප්‍රතිචාරය ද අති විශාල බවයි.
චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය එරට පළාත් රැසකට සහ තායිලන්තය,ප්‍රංශය,අමෙරිකාව හා ඔස්ට්‍රේලියාව ඇතුළු ගෝලීය රටවල් 16ක් දක්වා ව්‍යාප්තවී තිබේ. මේ වන විට කොරෝනා වෛරසය චීනයේ සියලු ප්‍රදේශ වෙත පැතිර ගොස් අවසන්. නව කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්වයක් ද යන්න සාකච්ජා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද රැස්වීමට නියමිතයි. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 170ක්. පුද්ගලයින් 7000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි, වාර්තා වන්නේ. වෛරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක් චීනය වෙත පියාසර කරන සියලුම සෘජු ගුවන් සේවා අත්හිටුවීමට කටයුතු කර තිබේ. වුහාන් සිට බ්‍රිතාන්‍ය පුරවැසියන් 100 ගණනක් අද යළිත් බ්‍රිතාන්‍ය වෙත පිටත්වීමට සූදානම් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඒ අනූව අදාළ පිරිස බ්‍රිතාන්‍ය වෙත ඇතුළුවීමේ දී ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට නියමිතයි. එසේම, සාර්ස් වෛරසය චීනයේ පැතිර ගිය සමයේ ඒ සඳහා ප්‍රතිකර්මයක් සොයාගත් චීන විද්‍යාඥ ෂොං නන්ෂන්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද පර්යේෂණ සිදු කරයි. ඔහු සඳහන් කළේ එළැඹෙන සතිය හෝ දින 10 ඇතුළත කොරෝනා වෛරසය එහි උච්චතම අවස්ථාවට පැමිණෙන බවයි. අනතුරුව ක්‍රමක්‍රමයෙන් එය පහවනු ඇතැයි ද ෂොං නන්ෂන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ දී කොරෝනා වෛරසය ප්‍රති නිර්මාණ්‍ය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වන්නේ, චීනයෙන් පිටත වෛරසය ප්‍රති නිර්මාණය කළ පළමු රට බවට පත්වෙමින්.