ඉදිරි මැතිවරණයේ දී පොදුජන පෙරමුණට ආසන 113ක්; පා.ම. සිද්ධාර්ථන්

ජන 30, 2020

    ඉදිරි මැතිවරණයේ දී පොදුජන පෙරමුණට 113ක බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත හැකි බව, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.

    වවුනියාවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා....

    ඉදිරියේදී අපි මුහුණදීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ඉතා වැදගත් මැතිවරණයක් වනවා. උතුරටත්, දකුණටත් ඒ වගේම නැගෙනහිරටත් මෙය ඉතා වැදගත් මැතිවරණයක් වෙයි. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණෙන් වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අවස්ථාව තිබෙනවා. ඔවුන්ට පාර්ලිමේන්තු ආසන 113කටත් වඩා ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ආසන 150ක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියා කරමින් සිටිනවා.)

    Latest News