පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උත්සවය කෑගල්ලේදී

ජන 30, 2020

    පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උත්සවය කෑගල්ල, දීවෙල මැදගම වෙල්යායේදී අද (30) උදේ පැවැත්විණ.

    ඒ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික වැඩපිළිවෙළේ තේමාව, “වගා සෞභාග්‍යා“ ලෙස නම් කර තිබේ. පුරන් කුඹුරු අස්වැද්දීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුවයි. මෙය ආරම්භ කෙරුණේ, ඒ සඳහා දීවෙල වෙල්යායේ අක්කර 60ක් තෝරා ගනු ලැබීය. මෙය, වසර 15ක පමණ කාලයක සිට පුරන් වූ කුඹුරක්. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ව මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබිණ.

    මීට තරුණ පරපුරේ දායකත්වය නොමඳව ලැබී තිබිණ. ගොවිජන සංවර්ධන පනතේ 22 වැනි වගන්තිය අනුව, කෘෂිකාර්මික ඉඩම් මනා කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යාම සෑම ඉඩම් හිමි ගොවීන්ගේ හා බුක්තිකරුවන්ගේ කාර්ය හා වගකීම වේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසුරිය යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම, ප්‍රදේශවාසීන් විශාල මීට එක්වූහ.

    Latest News