නව පෙරමුණේ නායකත්වය - අගමැති අපේක්ෂකත්වය සජිත්ට 

ජන 30, 2020

    අද පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවී නොමැත. 

    නව පෙරමුණේ නායකත්වයට හා අගමැති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී.  ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.  2020 වසර සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර ඇති සාමාජිකයින් සංඛ්‍යාව 59ක්.  ඉන් 37 දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයට රැස්වීමට අද සහභාගී වූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 17:35

    Latest News