72 නිදහස අභිමානවත්ව අයුරින් නිදහස් චතුරඝ්‍රයේ; පෙ.01 සිට 07 දක්වා වැඩසටහන්; රා.අ. මහින්ද සමරසිංහ

ජන 30, 2020

    72 වැනි නිදහස් දිනය අභිමානවත්ව සහ චාම් අයුරින් නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයේදී පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් දින සැමරුමට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ මැති-ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා ආරාධිතයින් 2,500ක් පමණ සහභාගි වීමට නියමිතයි. මෙවර තේමාව “සුරක්‍ෂිත දේශයක්-සෞභාග්‍යමත් රටක්“ යන්නයි. නිදහස් දින සැමරුම පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී කරුණු දැක්වූ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා...

    ප්‍රධාන උත්සවයට සමගාමී වැඩසටහන් තියෙනවා. පෙබරවාරි පළමුවෙනිදා සිට 7 වැනිදා දක්වා. පුරා සතියක කාලසීමාවක්. රජයේ ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීම සහ පෙබරවාරි 3 සහ 4 දිනවල විදුලි ආලෝකකරණයෙන් අලංකරණය කිරීම සම්බන්ධව සියලු රජයේ ආයතන ප්‍රධානීන් දැනුවත් කරන්න මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා“ යැයි මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    Latest News