මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැඟී නැහැ; GMO

ජන 30, 2020

    මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැඟී නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ඔවුන් මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ වෛද්‍ය හරිත අළුත්ගේ මහතා....

    “විශේෂඥයන් මේ දක්වා නිර්දේශ කරලා නැහැ සාමාන්‍ය ජනතාවට මුඛ ආවරණ පැළඳීම සම්බන්ධව. මොකද මේ හරහා ඇතිවෙන්න පුලුවන් බරපතලම තත්වය තමයි අවාසනාවන්ත ලෙස හෝ අපේ රට තුළ ඇත්තටම මුඛ ආවරණ පළදින්න ඕනේ කියලා යම් උපදෙසක් දෙන්න ඉදිරියට සිද්ධ වුණොත් සමහර විට අපිට නැතිවේවි අනවශ්‍ය වෙලාවක මේවා පාවිච්චි කළොත්. ඒ නිසා අනවශ්‍ය කලබලයකින් තොරව නියම උපදෙස් මත කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අපි යෝජනා කළා ජාවාරම්කාරයින්ට මේ හරහා තමන්ගේ මඩිය තරකරගන්න අවස්ථාව නැතිවේදෝ කියලා. ඒ අනුව අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් කටයුතු කරලා පාලනයක් ගෙනල්ලා තිබුණා. මේක හොඳ තත්වයක්. ඒ වගේම මේ මිල පාලනයෙන් එහා ගිහිල්ලා ජාවාරම තවදුරටත් කරනවානම්, ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි“ යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    Latest News