අ.පො.ස. (සා.පෙ) අවසන් කළ පසු වෘත්තිය පුහුණුවක් (ඡායාරූප)

දෙසැ 12, 2018

    මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලාවන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය ආරම්භ කර තිබේ.

    මෙමඟින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) සහතික පත්‍ර මට්ටමේ සිට තාක්ෂණවේදී උපාධිය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

    මේ පිළිබඳව අද දින අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටිම අවසන් කරණ සිසු දරු දැරියන්වට අවස්ථාව පවති. එ අනුව මෙම වැඩසටහන පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට අත් පත්‍රිකා බෙදා හැරීම සිදුවේ. දිවයින පුරා පිහිටුවා ඇති අනුමත රාජ්‍ය හා රජයේ ලියාපදිංචි පුහුණු ආයතන වලට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටියි. වෘත්තීය ක්ෂේත්‍ර 28 ක් යටතේ පාඨමාලා 2057 සඳහා ඉල්ලුම් කළ හැක.

    නවීන තාක්ෂණය සමඟ වෙනස්වෙමින් පවතින ශ්‍රම වෙළඳපලට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණියන් බිහි කිරීමේ අරමුණින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය විසින් මෙම පුහුණු පාඨමාලාවන් පවත්වනු ලබයි.

    වැඩි විස්තර www.youthjobs.lk වෙබ් අඩවියෙන් හෝ 0112 081 808 යන දුරකථන අංකය අමතා ලබා ගත හැක.

    vocationa2 px 900 18 12 12l

    vocationa32 px 900 18 12 12l

    vocationa px 900 18 12 12l

    Latest News