අතුරු තහනමට එරෙහි පෙත්සම කැඳවිම සිකුරාදාට කල් යයි

දෙසැ 12, 2018

    අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ කරුණු විමසීම සිකුරාදාට (14) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

    මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් අභියාචනය ඉදිරිපත් කරනු ලැබිණ.

    වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 ක් නම් කර තිබේ.

    තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටියි. මෙවැනි නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    මෙම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් පසුගියදා (03)  නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශව සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 13:19

    Latest News