රක්ෂිතයේ ගින්න ගුවනින් ගොස් නිවයි(ඡායාරූප)

දෙසැ 13, 2018

    නල්ලතන්නිය, ලක්ෂපාන,  වාලමලෙයි ස්භාවික රක්ෂිතයේ හට ගත් ගින්න ගුවන් හමුදාවේ සහය ද ඇතිව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

    ගින්න හටගත්තේ ඊයේ (12) පස්වරු  6.00 ට පමණ. රක්ෂිතයේ ඉහල කදු මුදුණේ හටගෙන තිබු ගින්න පාලනය කිරිමට පොලිසියට එම ස්ථානයට ළගා විමට නොහැකි විය.ගුවන් හමුදාවේ එම්.අයි 17 ගුවන් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන ගොස් එම ගින්න තවදුරටත් පැතිර තිබු කදු මුදුණට ඉසිමෙන් පසු එම ගින්න සම්පූර්ණයෙන් පාලනය විය.

    එම රක්ෂිතයට ඉහළින් ශ්‍රි පාද රක්ෂිතයද පිහිටා තිබේ.එම රක්ෂිතයට ගිය  කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබන්නට ඇති බව නල්ලතන්නිය පොලිසිය සැකකරයි. ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 3 ට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව, ගින්න පිලිබඳ පරික්ෂන පවත්වන නල්ලතන්නිය  පොලිසිය වැඩි දුරටත් කියා සිටියි.

    02

    05

    14

    15

    Latest News