18 හැවිරිදි සැකකරු එම ප්රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය දා (09) රාත්රී 9.30ට පමණ මීගමුව,පෙරියමුල්ල ප්රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් හා හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් අතර ගැටුමක් ඇතිවිය. ආරවුලින් සේවකයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙකු මිය ගියේය.