20 වැනි දින ප.ව 6.00 සිට අද දින (21) ප.ව 6.00 දක්වා කාලය තුල දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනිණ. මින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුනේ ගැවසීම, ක්රීඩා පිටියක එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහන මගින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තබා ගැනීම, බීමත්ව මාර්ගයේ අසෝබන ලෙස හැසිරීම, වෙළඳාම් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන්. සැකකරුවන් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන මගින් නීතිමය ක්රියාත්මකයි.