ඉඩකඩ අඩු නාගරික ඔබට අවශ්‍ය බෝග ගෙදරදීම වවමු (වීඩියෝ)

අප්‍රේ 05, 2020
  • නිවසේ සිටින ඔබට, තමන්ට අවශ්‍ය බෝග වගාවන් සිදු කරන්න පුළුවන්. එහි සහයට තම දූ දරුවන් ද සහභාගි කරගැනීමට දැන් අවස්ථාව උදාවෙලා තිබේ.

    සාමූහිකව වගාවට යොමුවිය හැකි ක්‍රමවේදයකුයි මේ....


    ගෙවතු වගාව, මෙරට පැරණි ආර්ථික ක්‍රමයේ එක් වැදගත් ක්‍රම වේදයක්. තම අවශ්‍යතා ගෙවත්තෙන් සපුරා ගැනීම සෞඛ්‍ය සම්පන්න බව ආරක්‍ෂා කරගැනීමට මෙන්ම පූල්‍ය ඉතුරුවටත් වාසිදායකයි. ගෙවත්තේ ඉඩමේ වගාකළ බෝග, දැන් නාගරික ජනතාව කෙරෙහිත් යොමු වෙලා. ග්‍රාමීයව මෙන්ම නාගරිකවත් වගා කළ හැකි ක්‍රමවේදයක් තමයි “වගා පැලැල්ල“

    “වගා පැලැල්ල” සකස් කර ගැනීමට අඩි දෙකහමාරක් පමණ දිගැති වැහි පීල්ලක් හෝ උණ බටයක් භාවිත කළ හැක. ඊට පුරවන ලද දරු පස්, ඉවතට හැලීම වැළැක්වීම සඳහා එහි දෙපැත්ත වසා ගන්න. ජලය නොරැඳීමට පීල්ලේ යට කුඩා සිදුරු කිහිපයක් සාදාගන්න. මෙය ලණුවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් එල්ලා තැබීම සඳහා උඩ කොටසේ සිදුරු 4ක් සාදාගතහැකියි. අනතුරුව, වගාමාධ්‍ය එහි පුරවා ඔබට අවශ්‍ය ඕනෑම පලා වර්ගයක් හෝ වෙනත් බීජ සිටුවිය හැකියි. මේ ආකාරයට පීලි කිහිපයක් වුවද, සකස් කරගත හැක. ඕනෑමහ කෙනෙකුට මෙය පහසුවෙන් රඳවා තැබිය හැකිවේ.

    Latest News