රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඊට හිමිව තිබේ.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුවැව හා උල්පත්වැව ගම්මානවල අඩුආදායම්ලාභී පවුල් 500ක් සඳහා අත්‍යවශ්‍ය ආහාර මළු අද බෙදා දෙනු ලැබීය. ඒ කළුවැව රතන භාවනා මධ්‍යස්ථානයේ දී.
පොළොන්නරුව ප්‍රදේශයේ විහාරස්ථාන 300ක් සඳහා සහල් ලබාදීම ද අද සිදු කෙරිණ. ඒ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ දායකත්වයෙන්.
අනුරාධපුර, රඹෑව, වහගොල්ලෑව ප්‍රදේශයේ තෝරාගත් පවුල් 500ක් සඳහා වියළි සලාක ඊයේ බෙදාදෙනු ලැබීය.
මේ අතර නාච්චාදූව, හිදෝගම, ප්‍රදේශයේ පවුල් 350ක් සඳහා ද වියළි ආහාර මළු ප්රදානය කෙරිණ.
මධ්‍යම පළාතේ පාරිභෝගිකයින් සඳහා සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ පැය 24 පුරා සැපයීමට මධ්‍යම පළාත් සමූපකාර සමිතිය පියවර ගෙන තිබේ.
ගම්පොළ ප්‍රදේශයේ පවුල් 250ක් සඳහා ද වියළි ආහාර අද බෙදා දෙනු ලැබීය. ඒ ගම්පොළ රතනඝර විහාරස්ථානයේදී.