පොදු ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන විෂබීජානුහරණය කෙරේ

අප්‍රේ 19, 2020

    හෙට දිනයේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කොට සාමාන්‍ය ජන ජිවිතය යළි ක්‍රමයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ බොහෝ පොදු ස්ථාන මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන විෂබීජානුහරණය කිරීම ආරම්භ කෙරිණ.

    විවිධ අංශ ඒ සඳහා සිය දායකත්වය ලබාදේ.

    කොළඹ, කොටුව දුම්රිය ස්ථානය විෂබීජානුහරණය අද උදේ සිදු කෙරිණ. ඒ, කොටුව පොලිසියේ මැදිහත්වීමෙන්.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු නගර විෂබීජානුහරණය කිරීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරිණ. අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙය සිදු කරනු ලැබීය.

    රත්නපුර නගරය විෂබීජානුහරණය කිරීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරිණ. රත්නපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධාන කරනු ලැබීය. අද දිනයේත් මෙය ක්‍රියාත්මකයි.

    විවිධ අත්‍යවශ්‍ය සේව සඳහා තම ප්‍රදේශයට පැමිණෙන සහ ඉන් පිටවන සියලු රථවාහන හා පුද්ගලයන් විෂබීජානුහරණය කිරීම නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව විසින් ඊයේ ආරම්භ කරනු ලැබීය.

    ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුම්රිය ස්ථානය විෂබීජානුහරණය කිරීම අද උදේ සිදු කෙරිණ. ඒ, ගාල්ල නගර සභාවේ මෙහෙයවීමෙන්.

    තංගල්ල ධීවර වරාය සහ තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ විෂබීජානුහරණය කිරීම ඊයේ සිදු කෙරිණ. එය සංවිධාන කළේ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්.

    Latest News