ඇඳිරි නීතිය නොමැති කාලසීමාවේදී ද, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න; යුද හමුදාපති

අප්‍රේ 19, 2020

    ඇඳිරි නීතිය නොමැති කාල සීමාවේදී ද, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද සැමවිටම අනුගමනය කරන ලෙස, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    “රටේ බහුතර ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කරලා රජයේ, පෞද්ගලික සේවකයන්ට වෘත්තියේ නිරත වෙන්න අවස්ථාව සලසලා දෙන්නේ. එහිදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අපි මෙතෙක් කල් කරපු ඒවාවල ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගොස් ලංකාවෙන් කොවිඩ් 19 වසංගතය ඉවත් කිරීම සඳහා සහයෝගය ලබාදෙයි කියලා“ යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය මේ වනවිට පනවා තිබේ. අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1,475 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලිස් බාරයට ගත් වාහන සංඛ්‍යාව 368ක්. ඒ අනුව, ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,155 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය පවසයි. ඊට අමතරව මෝටර් රථ 8,519ක් පොලිස් බාරයට ගෙන තිබේ.

    Latest News