මිහින්තලය නගරය ජීවානුහරණය කෙරේ

අප්‍රේ 22, 2020

    කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීම අරමුණෙන් මිහින්තලය නගරය ජීවානුහරණය කිරීම ඊයේ සිදු කෙරිණ.

    මිහින්තලය ප්‍රාදේශීය සභාව, පොලිස් ස්ථානය සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පෞද්ගලික අංශයේ එකමුතුවෙන් මෙම කටයුතු සිදු කෙරේ.

    මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ ප්‍රධාන සංධිස්ථානයක් වන මිහින්තලය නගරය හා යන එන ප්‍රමාණය අතිවිශාල වන අතර පුදබිමද නගරය ආසන්නයේ පැවතීම හේතුවෙන් වෛරසය පාලනය කිරීමට මෙම පියවර ගෙන තිබේ.

    මෙහිදී මිහින්තලය නගරයේ සියලුම මංමාවත් පාසැල් අසළ භූමිය බස්නැවතුම බැංකු පරිශ්‍ර ඇතුළු සියලුම පොදු ස්ථාන මෙදින ජීවානුහරණය සිදු කෙරිණ.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 11:29

    Latest News