හිඟයකින් තොරව රසායනික පොහොර වෙළෙඳ පොළට

මැයි 05, 2020

    හිඟයකින් තොරව ප්‍රමාණවත් ලෙස රසායනික පොහොර වෙළෙඳ පොළට නිකුත් කර ඇතැයි, ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

    පවතින තත්වය හමුවේ ජනතාව වැඩි වශයෙන් වගා කටයුතු සඳහා යොමුවී සිටීම හේතුවෙන් ඊට අවශ්‍ය පොහොර ප්‍රමාණය ද වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි එම කාර්යාලය කියා සිටී.

    ඉදිරියේ දී පොහොර නිකුත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව, පොහොර ලේකම් කාර්යාලය පවසයි. අලෙවි ඒජන්තවරුන් පොහොර නිකුත් කරන ප්‍රමාණයට නොව, විද්‍යාත්මක නිර්දේශ මත ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවේ ප්‍රමාණය සළකා බලා එය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් නිකුත් කිරීමට අපේක්‍ෂිතයි.

    පසේ බැර ලෝහ ප්‍රමාණය වැඩිවීම නිසා, කාබනික පොහොර භාවිතයේ වැදගත්කම පරිසර විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. 2030 වසර වන විට මුළුමනින්ම කාබනික පොහොර සඳහා යොමුවීමට පියවර ගත යුතු බව පොහොර ලේකම් කාර්යාල පවසයි.

    Latest News