පාර්ලිමේන්තුව කැඳවීමට ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ ජනාධිපතිවරයාට; නීතිඥ අලි සබ්‍රි

මැයි 05, 2020

    පාර්ලිමේන්තුව කැඳවීමට ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

    ඔහු කියා සිටින්නේ, මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවයි.

    ජනාධිපති නීතිඥ අල් සබ්‍රි මහතා....

    “ජනාධිපතිවරයා කල්පනා කරනවානම් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා එතුමාට කැඳවන්න පුලුවන් ව්‍යවස්ථාවේ වගන්තියක් ප්‍රකාරව. තව අවස්ථාවක් තියෙනවා හදිසි නීතිය පැනවුවහොත්, හදිසි නීතිය පනවලා දවස් 10කින් පාර්ලිමේන්තුව රැසිවිය යුතුයි. ඔය දෙකම සිද්ධවෙලා නැහැ. නැවතත් පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව නීතිමය තත්වයක් නම්, ජනාධිපතිවරයාට විතරයි තීරණය කරන්න පුලුවන් එවැනි පාර්ලිමේන්තුවක් කැඳවන්න ඕන කියලා. ජනාධිපතිවරයා තීරණය කළ යුතුයි එවැනි පාර්ලිමේන්තුවක් කැඳවීමෙන් තමන් කරගෙන යන මේ කාර්යයට ඒක බාධාවක් වෙනවද, ඒකෙන් සහයෝගයක් ලැබෙනවද. එහෙමනම් එතුමාගේ ඒ තීරණයට අපි ගරු කරන්න ඕනේ. 69 ලක්‍ෂයක් ජනතාව එතුමාට ඡන්දය දීලා ඒ පිළිබඳව එතුමාව තෝරා ගෙන තියෙනවා නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා“ යැයි ජනාධිපති නීතිඥ අල් සබ්‍රි මහතා පැවසීය.

    Latest News