PCR පරීක්ෂණ වාර්තාවල දෝෂවලට හේතුව

මැයි 08, 2020

    මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වලින් 13 ක් දෝෂ සහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

    එම ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ එම වැරදි වාර්තා නිකුත්වීම පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

    කොරෝනා ආසාදිතයින් බවට පසුගියදා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුට, පසුව සිදුකළ පරීක්ෂණ වලින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

    අදාළ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති කිසිදු වෛද්‍ය රසායානගාරයක් මගින් මෙවැනි වාර්තා නිකුත් වී නොමැති බවයි.

    ඉතා නිවැරදි වාර්තා නිකුත් කළ හැකි වෛද්‍ය රසායනාගාර සේවාවක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබියදීත් මෙවැනි අපහසුතාවන් ඇති වන ආකාරයට නිදර්ශක පිටත රසායනාගාර වලට යොමු කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු අවධාරණය කර සිටී.

    Latest News