බිඳුන බුදුපිළිමවලට ගෞරවාන්විත ආදාහනයක්

දෙසැ 29, 2018

    දිවයිනපුරා විහාරස්ථානවල ඇති කැඩීබිඳී ගිය බුදු පිළිම එක් රැස්කර, ගෞරවාන්විත ලෙස ආදාහනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.

    ඒ ඇඹිලිපිටිය, හිඟුරආර  ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති  පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්. "කැඩුන පිළිම ඉවත නොදමන්න. මේ පන්සලට ගෙනවිත් බාරදෙන්න" යනුවෙන් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒ අනූව, දැනට කැඩී බිඳීගිය බුදු පිළිම විශාල ප්‍රමාණයක් එක් රැස් වී තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වන ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ, කැඩීබිඳී ගිය බුදු පිළිමවලට ගෞරව කළ යුතු බවත්, විහාරස්ථානයට එක් රැස්වන මෙම බුදු පිළිම ඉදිරි වෙසක් පොහෝ දිනට පසුදින ගෞරවාන්විත ලෙස ආදාහනය කිරීමට කටයුතු කරන බවත්ය.

    Latest News