හැටන් ගින්නෙන් නිවාස 24 කට හානි (ඡායාරූප)

දෙසැ 29, 2018

    හැටන් පොඩයිස් වතුයායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද (29) ඇතිවු ගින්නකිය් නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇතිවි තිබේ.

     අද උදැසන 6 ට පමණ එක් නිවසකින් ගින්න හටගෙන සෙසු නිවාස වලට පැතිර ගොස් ඇත.

    ගින්නෙන් එම නිවාස 24 පදිංචි පවුල් 24 කට අයත් සමාජිකයන් 150 ආසන්න ප්‍රමාණයක් අවතැන් වි සිටින අතර කිසිවෙකුටත් අනතුරක් සිදුවි නැහැ. ගින්න මැඩ පැවැත් විමට හැටන් පොලිසියේ නිලධාරින්, වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය දැඩි උත්සාහයක නිරත වුහ.

    ගින්න හේතුවෙන් අවතැන් වූවන් තාවකාලිකව එම වතුයායේම පොදු ස්ථානයක පදිංචි කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබේ. ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු භාණ්ඩ ආදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඒ පිළිබඳව හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    housefire4 px 900 18 12 29

    housefire1 px 900 18 12 29

    Latest News