ලග්ගල නව නගරය ජනවාරියේ ජන අයිතියට (විඩියෝ)

දෙසැ 29, 2018
  • මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් යටවු ලග්ගල නගරය වෙනුවට ඉදිවන නව ලග්ගල නගරයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවති.

    එය  ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනතා අයිතියට පැවරි මට නියමිතයි. 

    නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය ජනතාවට හිමි වූයේ ජනපති රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප‍්‍රතිඵලයක් ලෙසිනි. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන්වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට ඊට නුදුරුරින් නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

    නගරයේ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 75 වපසරියකින් යුක්ත වන අතර නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමූපකාර ගොඩනැගිලි සංකිර්ණයක්, ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්, අලූත් මහා විද්‍යාල 3 ක්, කනිටු විද්‍යාල 2ක්, නව රෝහල් සංකීර්ණයක්, නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයක්, මහජන පොළක් හා පොදු වෙළෙඳ සංකීර්ණයක්, බස් නැවතුම් පළක් හා නව තැපැල් කාර්යාලයක් සහ නව බැංකු හා මුල්‍ය ආයතන රැසක් ඇතුළු රාජ්‍ය ආයතන 26 ක් නව ලග්ගල නගරයට අයත්ය. මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගැලි 112 ක් ඉදිකර තිබෙන අතර ඒ වෙනුවෙන් පමණක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043 කි.

    ප‍්‍රදේශයේ සමාජ, ආර්ථික යටිතල පහසුකම් සැපයීම, පවතින ග‍්‍රාමීය මාර්ග පුළුල් කිරීම සහ ප‍්‍රදේශයේ පවතින සංවර්ධන හැකියාවන් හඳුනාගෙන නගරය සැලසුම් කිරීම ද විශේෂත්වයකි. තවද කැලි කසළ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය ඇතිව සකස් කළ නව ක‍්‍රමවේදයක් ඔස්සේ සිදු වෙයි.

    ලග්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරුකෝට්ටේ, මහියංගනය ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධවන අතර දඹුල්ල නගරයට ඝෘජුව සම්බන්ධවන ප‍්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන මෙම ප‍්‍රදේශයට ළගාවීම සිදු වෙයි. එසේම පැවති මාර්ග දුෂ්කරතා හේතුවෙන් මාතලේ නගරයේ සිට ලග්ගල නගරය දක්වා ගමන් කිරීමට මෙතෙක් ගතවූ කාලය පැය හතර හමාරක් වන අතර නව නගරයට සමගාමීව ඉදිවූ නව මාර්ග පද්ධතිය හේතුවෙන් එම කාලය පැය එක හමාර දක්වා අඩු කර ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

    නගරය ඉදිකිරීම සඳහා තෝරා ගනු ලැබූ භූමිය ප‍්‍රදේශයේ ජනතාව විසින්ම තෝරාගනු ලැබීම විශේෂත්වයක් වන අතර, නව නගරය සැලැසුම් කිරීමේදී ස්වභාවික සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම, ජනගහනය කේන්ද්‍රගතවීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබේ. ස්වභාවික ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති පරිසරයක් වීම ද වැදගත් කරුණකි.

    තවද මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබාදීමට කටයුතු කර තිබේ. ජනාධිපති ඒ පිළිබඳ පෞද්ගලික අවධානය යොමු කරමින් කටයුතු කළ අතර ඒ අනුව ලබාදී ඇති මුදල රුපියල් කෝටි 1100ට අධිකය. දේපොළ වන්දිවලට අමතරව මෙම ප‍්‍රජාව නැවත පදිංචි කිරීමේ දී සෑම පවුලක් සඳහාම අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර එක හමාරක කුඹුරු ඉඩමක් ද ව්‍යාපෘතිය මගින් ලබා දී ඇත.

    මෑතකදී මේ රටේ අලූතින් ඉදිවූ ගම්මානවල හා නගරවල නොමැති පහසුකම්වලින් සමන්විත නව ලග්ගල නගරයේ පහසුකම් පැරණි ලග්ගල නගරයට වඩා සියයට 500 කින් ඉහළ බවට ප‍්‍රදේශවාසිහු පෙන්වා දෙති. එමෙන්ම වසරකට එක් කන්නයක් පමණක් වගා කළ තමන්ට කළුගඟ ජලාශය ඉදිවීමත් සමග කිසිදු අපහසුතාවයකින් තොරව වසර පුරා වගා කිරීමට හැකියාව ලැබී තිබෙන අතර, තම ජීවිතය මෙම අලූත් පදිංචි කිරීමත් සමග අලූත් වෙනසකට ලක් වූ බවත් එදා බෙහෙත් ටිකක් ලබාගැනීමට රෝහලක් නොතිබු තමන්ට අද ප‍්‍රධාන නගරවල ඇති ඉලෙක්ට්‍රෝනික බැංකු පහසුකම් පවා ලැබී ඇති බවත් ප‍්‍රදේශවාසිහු වැඩිදුරටත් සඳහන් කරති.

    lagga1l px 900 18 12 29

    lagga21l px 900 18 12 29

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 20:28

    Latest News