ඩෙංගු මර්දනයට විශේෂ මෙහෙයුම් මැදිරියක්

ජූනි 13, 2020

    ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධීකරණ සහ අධීක්ෂණය සඳහා බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

    අදාළ මෙහෙයුම් මැදිරිය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථාපිත කර ඇත.

    බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝග වසංගතය මැඩලීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන ආයතන සම්බන්ධීකරණ සහ අධීක්ෂණය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ජනාධිපති කාර්ය සාධක බලකාය, ත්‍රිවිධ හමුදා මෙන්ම සෞඛ්‍ය අංශවල සහභාගීත්වයෙන් අදාළ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර තිබේ.

    ඒ අනුව 0112 092 720 සහ 721 යන දුරකතන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ විය හැකි අතර 0112 092 705 යන ෆැක්ස් අංකය ඔස්සේ ද මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිසිය සඳහන් කරයි.

    Latest News